වළාකුථ පරිගණක සංකල්පය - Cloud Computing Service

වළාකුථ පරිගණක සංකල්පය - Cloud Computing Service 

.මොකක්ද මේ ‘‘Cloud Computing” ? තොරතුරු තාක්ෂණික සේවාවන් හා මෙවලම්වලට අන්තර්ජාලය ඔස්සේ ප්‍ර‍වේශ වීමේ ක්‍රමයක් ලෙසින් ‘‘Cloud Computing” යන්න හැඳින්විය හැකිය. තවත් සරලව කියනවනම්, මෙහිදී අපට අවස්ථාව ලැ‍බෙනවා ලෝකයේ තිබෙන සෑම Application එකක් ම වගේ install කරලා තියෙන Server computer machine එකකට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා අපට අවශ්‍ය Application එක තෝරාගැනීම මගින් අපට අවශ්‍ය කාර්යය කර ගැනීමට. අවශ්‍ය වෙන්නෙ වෙබ් අතරීක්සුවක් (Web browser) සහිත පරිගණකයක් සහ අන්තර්ජාල සම්බන්ධතාවක් පමණයි.

 ඇයි මේ සේවාවට ‘‘Cloud Computing” කියන්නෙ?

අවශ්‍ය මෘදුකාංග සියල්ල තැන්පත් කරලා තියෙන්නේ, අන්තර්ජාලයට සම්බන්ධ Server computer machine එකක නිසාඅවශ්‍ය කාර්යය කිරීමට අදාළ මෘදුකාංග අපේ පරිගණකය තුළ install කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එසේ ම අවශ්‍ය කාර්යය අපේ පරිගණකයෙන් සිදුකර එම දත්ත හා තොරතුරු Server computer machine එක තුළම තැන්පත් කරන්නත් පුළුවන්. පසුව එම දත්තවලට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාල සබඳතාවයක් සහිත පරිගණයක් ඔස්සේ ප්‍රවේශ විය හැකිය. එසේම මෙම පහසුකම සක්‍රිය කරගැනීමට කළ යුත්තේ තුන්වන පාර්ශවීය සේවා සපයන්නෙකුගෙන් සුළු මුදලක් ගෙවා සේවාව ලබා ගැනීමයි. එමගින් ජාලයේ තිබෙන සියලු සම්පත් ප්‍රයෝජනයට ගැනීමට හැකි සේවාවක් ලැබෙන අතර ගෙවීමට සිදුවන්නේ අප පරිහරණය කරන සෙවාවන්වලට පමණි.

 ‘‘Cloud Computing” සම්භවය

මෙය මුල් වරට ආරම්භ වූයේ 2009 වර්ෂයේ දී ය.නිදහස් සහ විවෘත මෘදුකාංගවලින් මේ සේවාව විශාල දායකත්වයලබා දෙයි. ‘‘Cloud” යන වචනය මෙහිදී යොදා ගැනෙන්නේ දුරකථන ක්‍රමයක් හෙවත් දුරකථනයක් (Telephone)යන අර්ථයෙනි. 1990 දශකය පමණ වන තුරු දත්ත හුවමාරුව සිදු වූයේ රැහැන් සම්බන්ධතාවන් මගිනි. පසු කාලීනව විවිධ දුරකථන සමාගම් රැහැන් රහිත පරිගණක ජාල ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එය, Virtual Private Network(VPN) ලෙස හඳුන්වයි. එය භාවිතයෙන් පරිගණක ජාලය තුළ තදබදය(Traffic) අවම වූ අතර තොරතුරු හුවමාරුව පහසු විය. Cloud Computing සංකල්පය මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ 1960 වර්ෂයේ John McCarthy විසිනි. නමුත් මෙම වචනය ජනප්‍රිය වූයේ 1990 වර්ෂයේ ය. ඒ ATM කරලියට පැමිණීමත් සමග ය. ඉන් අනතුරුව 2007 වර්ෂයේදී Google සහ IBM සමාගම් විසින් විශාල පරිමාණයේ Cloud Computing ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

Post a Comment

0 Comments